FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටර්සන් දැඩි තීන්දුවක් ගනියි…

එංගලන්ත ජාතික ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් මෙවර පැවැත්වෙන 2018 පාකිස්තාන ‍ සුපර් ලීග් විස්සයි – 20 තරගාවලියෙන් පසු ක්‍රිකට් පිටියෙන් සමුගැනිමට තීරණය කර තිබේ.
එ අනුව තමන් මෙවර තරගාවලියෙන් පසු ක්‍රිකට් පිටියට සමු දී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කැප වන බව පීටර්සන් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කර තිබේ.
එංගලන්ත ජාතික කණ්ඩායමෙන් ඉවත් කළ පසු හෙතෙම ලොව පුරා විස්සයි විස්ස තරගාවලි රැසක් සඳහා සහභාගි විය.
කෙවින් පිටර්සන් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරඟ 104කට සහභාගි වී ශතක 23ක් සමඟ ලකුණු 8181ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 136 කදී ලකුණු 4440 ක් රැස්කර ගත්තේය.