FAST NEWS

24×7 Around the Globe

නායක දිනේෂ් චන්දිමාල් ජයගහ්‍රණයට හේතු සපයයි..

කණ්ඩායමක් ලෙස නොව පවුලක් ලෙස තරග කිරීම කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වූ බව ශ්‍රී ලංකා විස්සයි – 20 කණ්ඩායමේ තාවකාලික නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (18) පැවැති දෙවැනි විස්සයි – 20 තරගයෙන් අනතුරුව පැ‍වති මාධ්‍ය හමුවකදී පැවසීය.
“ අපිට ඇත්තටම නරක වසර කිහිපයක් තිබුණා. මම හිතනවා දැන් ක්‍රීඩකයන්ට හොද විශ්වාසයක් ලැබී තිබෙනවා. තරගයට පෙරාතුවත් කීවේ අපි කණ්ඩායමක් ලෙස නොව පවුලක් වශයෙන් ක්‍රීඩා කරන බවයි. ඒක තමයි ප්‍රධාන දේ. අපට දැන් හොඳ ජ්‍යෙෂ්ඨ හා තරුණ ක්‍රීඩකයන්ගේ මිශ්‍රණයක් තිබෙනවා”
එසේම ආරම්භක පිතිකරුවෙකු ලෙස කුසල් මෙන්ඩිස් සාර්ථක වූ බවත් ඔහුට ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බවත් චන්දිමාල් වැඩිදුරටත් පවසා සිටියේය.

DE සිල්වා