FAST NEWS

24×7 Around the Globe

මැකලම් අභිබවා යමීන් මාටින් ගප්ටිල් විස්සයි – 20 වාර්තා පොත් අලුතින් ලියයි..

ජාත්‍යන්තර විස්සයි – 20 තරග කාණ්ඩයේ වැඩිම ලකුණූ ලබාගත් පිතිකරුවා බවට පත් විමට නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් අද (16) ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්සයි -20 තරගයේදි සමත් විය.
මීන් පෙර විස්සයි – 20 වැඩිම ලකුණු ලාභියාව සිටි නවසීලන්ත ක්‍රීඩක බෙන්ඩම් මැකලම් ලබා සිටි ලකුණු 2140 අභිබවා යමින් ගප්ටිල් මෙම දක්ෂතාවය දැක්වීමට සමත් විය.
එ අනුව ඔහු ලකුණූ 2188 ක් ලබා සිටියි.
 අද පැවැත්වෙන තරගයේදි මාටින් ගප්ටිල් ශතකයක් වාර්තා කිරීමට සමත් වු අතර එය පන්දු 49 කදි වාර්තා විය.
එ අනුව ගප්ටිල් වාර්තා කළ මෙම ශතකය නවසීලන්ත ක්‍රීඩකයෙකු විස්සයි – 20 තරගයදකදී  වාර්තා කළ වේගවත්ම ශතකය වෙයි.
මෙ වන විට තරගයේ ලකුණූ තත්වය..
 
DE සිල්වා