FAST NEWS

24×7 Around the Globe

වාහන මිල ඉහල යයි..

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහනවල මිල ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද සරච්චන්ද්‍ර පවසයි.

ජපාන යෙන්, ඇමෙරිකානු ඩොලරය සහ බි්‍රතාන්‍ය පවුමේ අගය විශාල ලෙස ඉහළ යෑම හරහා රුපියල අවප්‍රමාණය වී වාහන ආනයනය කිරීමේදී ගෙවුම් මිල ඉහළ යෑම මීට බලපෑ බවද හෙතෙම පැවැසීය.

ගැනුම් මිල ලක්ෂ 13ක් පමණ වන වාහනයක මිල ඒ අනුව රුපියල් ලක්ෂයකින් පමණ වැඩිවන බවද ඒ අනුව කුඩා මෝටර් රථ ආදියෙහි මිල රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ ගොස් ඇති බවද ඔහු පැවැසුවේය