FAST NEWS

24×7 Around the Globe

පළමු විස්සයි-20 තරගයේ ජය ශ්‍රි ලංකාවට..

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු විස්සයි -20 තරගයෙන් කඩුලු 06 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලැබිමට ශ්‍රි ලංකා කණ්ඩයම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 05 ක් පමණක් දැවි ලකුණු 193 ක් රැස් කලේය.

ලකුණු 194 ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 16 පන්දු 04 කදි කඩුලු 04 ක් පමණක් දැවි සිය ජයග්‍රහණය වාර්තා කළේය

.