FAST NEWS

24×7 Around the Globe

තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට විස්සයි -20 තරගාවලිය අහිමී වෙයි..

අබාධය සහිත තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට බංග්ලාදේශය සමග අද (15) ආරම්භ වන තරග දෙකකින් යුත් විස්සයි -20 තරගාවලිය අහිමී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීන් මඳ වේලාවකට පෙර නිළ වශයෙන් නිවේදනය කර සිටියේය.
පහුණු විම් අතරතුර සිය දකුණු අතේ සිදුවු අබාධයක් හේතුවෙන් අසේලට මෙලෙස තරගාවලිය අහිමී  වී ඇති බවත් පැවසෙයි.
ඔහු අද (15) පස්වරුවේ යළි ශ්‍රී ලංකාව බලා පැමීණිමට නියමීත බවත්, පසුව හෙතම MRI ස්කෑන් පරික්ෂණයකට පෙනි සිටිමට නියමීත බවත් වැඩි දුරටත් පැවසෙයි.
මෙ අතර සංචිතයට නම් කර සිටි කුසල් ජනිත් පෙරේරාගේ අබාධ සහිත තත්වය ප්‍රකෘති තත්වයට පත් නොවීම හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට එම ස්ථානය හිමී විය.
DE සිල්වා