FAST NEWS

24×7 Around the Globe

ආනයනික අර්තාපල් සඳහා බද්දක් පැනවීම යයි..

ආනයනික අර්තාපල් සඳහා බද්දක් පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවත් එ අනුව ඉදිරි දිනවලදී ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව රජයේ උසස් නිලධාරීවරයෙක් මාධ්‍ය වෙත සඳහන් කළේ ය.
ආනයනික අර්තාපල් මිල ඉතා පහළ මට්ටමක පැවතීම සහ දේශීය අර්තාපල් ගොවීන්ට නිසි මිලක් නොලැබීම හේතුවෙන් මෙසේ ආනයනික අර්තාපල් සඳහා බද්දක් පන වන ලෙසට ගොවීන් රජයෙන් ඉල්ලා ඇති බවත් කියැවෙයි.
එ අනුව පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි දිනවලදී ආනයනික අර්තාපල් සඳහා බද්දක් පැනවීමට රජයේ අවධානය යොමු ව ඇති බවත් පැවසේ.
මෙ වන විට ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 38 – 60 ත් අතර මිලකට අළෙවි වන අතර දේශිය අර්තාපල් කිලෝග්‍රෑම 1ක් අළෙවි කෙරෙන්නේ රුපියල් 90 – 100 ත් අතර මිලකටය.
DE සිල්වා