කුසල් ජනිත් පෙරේරාව බංග්ලාදේශය සමග පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සදහා වු ශ්‍රි ලංකා සංචිතයෙන් වෛද්‍ය උපදෙස් හේතුවෙන් ඉවත් කල බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
බංග්ලාදේශයේ පැවති එක්දින තුන්කොන් තරගාවලිය අතරතුර සිම්බාබ්වේ සමග පැවති දෙවැනි තරගය අතරතුර ආබාධයකට ලක්වූ ජනිත් හට නැවතත් යථා තත්ත්වයට පැමිණීමට වෛද්‍ය උපදෙස් අනුව තවත් යම් කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බව පැවසේ.
එ අනුව විස්සයි විස්ස සංචිතයට මින් පෙර කුසල් ජනිත් පෙරේරා නම් වී තිබුනද, ඊයේ (12) බංග්ලාදේශය බලා දිවයිනෙන් පිටත් වූ කණ්ඩායම් සගයින් සමග ඔහු පිටත් වූයේ නැත.
එ අනුව ඔහුගේ ස්ථානය කුසල් මෙන්ඩිස් විසින් වෙත හිමිවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.







