එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳව යම් යම් විවේචන ඉදිරිපත්ව ඇති බව තමන් අග්‍රාමාත්‍යවරයාට පැවැසූ බවත් ඒ අනුව ඔහුගේ හිත රිඳුණාදැයි තමන් නොදන්නා බවත් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවැසීය.
එක්සත් ජතික පක්ෂ අමාත්‍යවරුන් අතර අරලිය ගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හර්ෂද සිල්වා මහතා මේ බව පැවැසීය.
“මම අගමැතිතුමාට කිව්වා හිත රිදව ගන්න දෙයක් නෙමෙයි අපේ නායකත්වය ගැන යම් යම්විවේචන ඉදිරිපත් වෙලා තිබෙනවා කියලා. අපි යථාර්ථය තේරුම් ගන්න ඕන. මොකක්ද කොයි ආකාරයෙන්ද අපේ පක්ෂය ඉදිරියට අරගෙන යන්නේ කියලා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ අපි දැක්කා දෙවැනි පෙළක්. ප්‍රේමදාස මහත්තයා, ලලිත් ඇතුළත්මුදලි මහත්තයා, ගාමිණී දිසානායකමහත්තයා එහෙම.එතකොට අපෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ. පක්ෂ නායකත්වය ගැන මම හිතුවා යම්කිසි සමාජ ස්ථාවරයක තිබෙන කාරණාවක් කියලා. නමුත් එහෙම නෙමෙයි. අපි දකිනවා මේක අපේ පාක්ෂිකයන් අතර තිබෙන කතාවක්. අපි මේ ගැන කතා නොකළොත් අපිට මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බෑ. මම දන්නේ නෑ අගමැතිතුමාට මාත් එක්ක හිත රිඳුනද කියලා. නමුත් මේ කතාව අපි කරන්න ඕන.”









