ඔස්‌ට්‍රේලියානු රජය විසින් එරට බැංකු හා මුල්‍ය ආයතන විසින් සිදු කරනු ලබන වැරදි සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ලොව ඉහළම ලාභයක් ලබන ආයතන වන ඔස්‌ට්‍රේලියානු බැංකු විවිධ අන්දමේ දූෂණ ක්‍රියා සහ අකටයුතුකම් සිදුකරන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත ඔස්‌ට්‍රේලියානු රජය මෙම පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
බැංකුවල මෙම කටයුතු නිසා මහජනතාවගේ විශ්වාසය බිඳ වැටී මහජනතාවට බැංකුවලින් බලාපොරොත්තු වන සේවා ඉටු නොවන බවද පැවසේ.
එදිනෙදා බැංකු සෝවා. පූර්ව විශ්‍රාම වැටුප් ක්‍රම, දේපළ උකස් ගැනීම්, රක්‍ෂණ සමාගම්. ක්‍රෙඩිට් කාඩ් හා මෝටර් රථ ණය ආදී කටයුතු හා ඒවායෙහි යෙදෙන සමාගම් සම්බන්ධව මෙහිදී පූර්ණ පරීක්‍ෂණයක් සිදුකෙරෙන අතර එවැන්නක් සිදුවන්නේ ඉතිහාසයේ මුල්ම අවස්‌ථාවටය.









