FAST NEWS

24×7 Around the Globe

රනිල්ට එරෙහිව එජාප මන්ත්‍රීවරු 42 ක් පෙරට එයි..

වසර 17ක් විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය එම පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු කඩකරමින් 2004 වසරේදී පක්ෂය පාවා දුන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වතාවටත් පක්ෂය හා පාක්ෂිකයන් අතරමං කර ඇති බැවින් ඔහු වහාම ඉල්ලා අස්වී පක්ෂ නායකත්වය සුදුස්සකුට පැවරිය යුතු යැයි ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු ඇතුළු පසුපෙළ මන්ත්‍රින් 42ක් එජාප මහලේකම් කබීර් හෂීම් මහතා වෙත ඉල්ලීමක් කරන ලිපියක් හෙට (13) දිනයේ භාර දීමට නියමීත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මේ ලිපියට එජාපයේ ඇමැතිවරුන් දෙදෙනෙක් නියෝජ්‍ය ඇමැතිවරු හතර දෙනෙක් ඇතුළු මන්ත්‍රින් පිරිසක් අස්සන් තබා ඇති අතර අද (12) දිනයේ දී ඊට එජාප පළාත් සභා මන්ත්‍රිවරුන් කීපදෙනකුගේ අස්සන් ලබාගැනීමට නියමිත බවත් කියැවේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන් වූ එජාප මහ ලේකම් කබීර් හෂීම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමැතිවරුන් ගණනාවක් ළං කරගෙන රජයේ මුදල් අවභාවිත කළ රනිල් වික්‍රමසිංහ මහතා ‘වයිෆයි’ ‘රැකියා ලක්ෂ දහය’ ඇතුළු සීනි බෝල ලබාදෙමින් එක්සත් ජාතික පාක්ෂිකයන් මුළා කිරීමට දරන ප්‍රයත්නයට පාක්ෂිකයන් තවදුරටත් නොරැවටෙන බැවින් පක්ෂ නායකත්වය ඊට සුදුසු පුද්ගලයකුට පවරා ඉවත් වන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා සිටීමට යන බවද පැවසේ.

DE සිල්වා