FAST NEWS

24×7 Around the Globe

තමාව අවභාවිත කළ දේශපාලන පක්ෂයකට සංගා දෙහි කපයි..

තමා කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොමැති බවත් තමා දේශපාලන පක්ෂයකට සහය දක්වන බවට වාර්තා වූ පුවත් අසත්‍ය බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව මීට ඉහතදී සිය ට්විටර් ගිණුමෙන් සංගා ජනතාවට පෙන්වා දුනි.
කෙසේවෙතත් එම ප්‍රකාශය දේශපාලනයට සම්බන්ධ කර ගැනීම පිලිබඳව තමන් කණගාටුවන බවත් සංගක්කාර සඳහන් කරයි.
කුමාර සංගක්කාර එක්සත් ජාතික පක්‍ෂයට එක් වූයේ යැයි එම පක්‍ෂයට හිතවත් වෙබ් අඩවි හා සමාජ ජාලා ඔස්සේ ප‍්‍රචාරය කරනු ලැබුවේ සංගක්කාරගේ පින්තූරයක්ද සමගිනි.
එම සිද්ධියෙන් පසුව මෙම ට්විටර් පණිවිඩය නිකුත් කර තිබේ.