FAST NEWS

24×7 Around the Globe

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් නිදහස් කරන්නැයි නියෝග..

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇතුළු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මාලදිවයින් ව්‍යවස්ථාව සහ එරට ද පාර්ශවකරුවෙකු වන මානව හිමිකම් සම්මූතීන් උල්ලංඝණය වන බවට ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ඇතුළු දේශපාලන නායකයින්ට එරෙහිව දඬුවම් පමුණුවා ඇත්තේ දේශපාලන හේතු පදනම් කරගෙන බව එම පෙත්සම් මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව සාධාරණ නඩු විභාගයක් පවත්වන තුරු ඔවුන් නිදහස් කරන ලෙසයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව වැඩි දුරටත් පැවසේ.

DE සිල්වා