FAST NEWS

24×7 Around the Globe

ජපානයේ වැඩිහිටි නිවාසයක ගින්නකින් 11 ක් මරුට..

ජපානයේ උතුරු දිග සැපෝරෝ නගරයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් 11දෙනකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

එසේම එම ගින්නට මැදිවූ පුද්ගලයින් 05 දෙනකු සහන සේවකයන් විසින් බේරාගෙන ඇති අතර තිදෙනකු රෝහල් ගතකර ඇති බවත් පැවසේ.

අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වූ මහල් තුනකින් සමන්විත නිවස්නයක් වන මෙහි 16 දෙනකු වාසය කළ බව බලධාරීහු පවසති.

‍ගින්නට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වැඩි දුරටත් පැවසේ.

DE සිල්වා