පසුගිය වසරේ (2017) ජනවාරි සිට නොවැම්බර් අතර කාලයේදී විදේශ සේවා නියුක්‌තිකයන් මෙරටට එවන ලද විදේශ විනිමය ආදායම (විදේශ විනිමය ප්‍රේෂණ) සියයට 7.3 කින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
මේ අනුව 2016 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්‌වා මෙරටට ලැබුණු විදේශ විනිමය ආදායම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 6557 ක් වූ අතර එය ගිය වසරේ (2017) ජනවාරි සිට නොවැම්බර් දක්‌වා කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6080 ක් දක්‌වා පහත වැටී තිබේ.
2017 නොවැම්බර් මාසයේ විදේශ සේවා නියුක්‌තිකයන්ගෙන් ලද විදේශ විනිමය ආදායම සියයට 0.9 කින් අඩුවූ බවද මහ බැංකුව තවදුරටත් කියයි.
DE සිල්වා







