FAST NEWS

24×7 Around the Globe

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 02 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රථම තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව විය.

එ අනුව කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

බංග්ලාදේශයේ චිතගොන්ග් හිදී එරට වේලාවෙන් අද පෙරවරු 09.00 ට තරඟය ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් විසින් දරන අතර මහමුදුල්ලා බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරයි.