2020 වසරේදි ඔස්ට්‍රේලියාවේදි පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලානය සඳහා දින කාලසටහන නියම වී තිබේ.
ඒ අනුව පිරිමි තරගාවලිය කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් 2020 ඔක්තෝබර් මස 18 දා සිට නොවැම්බර් 15 දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කාන්තා තරගාවලිය 2020 පෙබරවාරි 21 දා සිට මාර්තු 08 දා දක්වා පැවැත්වෙන අතර එයට කණ්ඩායම් 10ක් තරග වැදිමට නියමිතය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 8ක ක්‍රීඩාංගණ 13කදී තරගාවලිය පැවැත්වීමට නියමිත අතර ,මෙම තරගාවලියේ තරග කාලසටහන ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය.
තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ලැයිස්තුව පහතින්..
DE සිල්වා








