FAST NEWS

24×7 Around the Globe

ඇමැති සුජීව සේනසිංහගේ ‘බැඳුම්කර ඇත්ත නැත්ත’ පොත අතුරුදන් වෙයි..

ඇමැති සුජීව සේනසිංහගේ ‘බැඳුම්කර ඇත්ත නැත්ත’ පොත මේ වනවිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

බැංකු බැඳුම්කර කොමිෂන් වාර්තාවෙත් සුජීව සේනසිංහගේ ‘බැඳුම්කර ඇත්ත නැත්ත’ පොතත් අතර පවතින සමානකම් හා වෙනස්කම් කවරේද යන්න සොයා බැලීමට ශ්‍රී ලනිප ඇමැතිවරු සති 2ක් තිස්සේ එකී කෘතිය සොයන මුත් මෙතෙක් සොයා ගන්නට නොහැකි වී ඇතැයි එම පක්ෂයේ ජේෂ්ඨ ඇමැතිවරයෙක් පැවැසීය.

අදාළ කෘතියේ පිටපත් 150ක් පමණ මුද්‍රණය කොට ඇති බව දැනගන්නට ලැබුණු අතර ඉන් එකක් හෝ තිබෙන තැනක් සොයාගත නොහැකි වූ බව ඒ ඇමැතිවරයා කීවේය.

විශාල උත්සවයක් පවත්වා එළිදැක්වූ මෙකී කෘතිය මෙලෙස අතුරුදන් වීම ගැනද තම පක්ෂය සොයා බලන බව හෙතෙම වැඩිදුරටත් කීය.