FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර විවාදයට ඒකාබද්ධය සහභාගි නොවන ලකුණූ..

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය පෙබරවාරි 08 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එයට සූදානමින් සිටියද, ඒකාබද්ධ විපක්‍ෂය සහ දෙමළ ජාතික සන්ධානය එදිනට සහභාගි නොවීමට වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තා වේ.

පෙබරවාරි 07 වැනිදා මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීමට නියමිත බැවින් එදිනට පෙර මෙම විවාදය පැවැත්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ අදහස වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ අදහස වන්නේ මැතිවරණ සමයක් බැවින් 08 වැනිදා වන විට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීමේ අපහසුතාවක් මතුවිය හැකි බවයි.