FAST NEWS

24×7 Around the Globe

අකිල ධනංජයව මහේල මිලදී ගනියි..

මෙවර ඉන්දීය ප්‍රිමීයර් ලීග වෙන්දේසියේදී මේ දක්වා ශ්‍රී ලංකාවෙන් අලෙවි වූ එකම ක්රීඩකයා බවට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පත්විය.

ඒ ඔහුට නියමවූ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික මිලට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලට ගැනීමත් සමගිනි.

මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට අකිල ධනංජය ගෙන ඒම සඳහාත් මහේල ජයවර්ධන වැඩි අවධානයක් යොමු කළ බවට තොරතුරු වාර්තා වෙයි.