FAST NEWS

24×7 Around the Globe

තුන්කොන් කුසලානය ශ්‍රී ලංකාව දිනා ගනියි..

බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී බංග්ලාදේශය ලකුණු 79 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල නියමිත ඕවර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 221 ක් ලබාගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 142 කට දැවී ගියේය.