ටී.එම්. වී. පී. පක්‌ෂයේ නායක පිල්ලේයාන්ට ස්‌විස්‌ට්‌සර්ලන්තයේ ස්‌වර්ණාභරණ සාප්පුවක් ඇතැයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සී. යෝගේෂ්වරන් චෝදනා කර ඇත.
මඩකලපුවේ මැතිවරණ රැලියක් ඇමැතු යෝගේෂ්වරන් මඩකලපු කරදියනාරු කොටි කඳවුරේ තිබූ රන් හා ස්‌වර්ණාභරණ ස්‌විස්‌ට්‌සර්ලන්තයට ගෙන ගියේ පිල්ලේයාන් බව පවසා තිබේ.
ස්‌විස්‌ට්‌සර්ලන්තයේ ප්‍රාන්ත කීපයක ද්‍රවිඩ ස්‌වර්ණාභරණ සාප්පු හතක් ඇති බවත් පවසා ඇති ඔහු පිල්ලේයාන්ට අයත් සාප්පුව කුමක්‌දැයි හෙළිවී නැති බවත් කියා තිබේ.
පිල්ලේයාන්ගේ පක්‌ෂය ද මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරයි.









