FAST NEWS

24×7 Around the Globe

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වැඩට බඳවාගෙන එජාපයේ ඡන්ද වැඩට ගනියි..

හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අලුතෙන් සේවකයන් බඳවා ගනිමින් සිටින බවට ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි.

මෙම බඳවා ගැනීම් සිදුකරන්නේ පුහුණුව ලබාදෙන මුවාවෙන් වන අතර, පුහුණු කාලය මාස 06කි. පෙර දාතමින් මෙම පත්වීම් නිකුත් කර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා පරිපාලන) ලලිත් එදිරිසිංහ මහතාගේ අත්සනෙනි.

මෙම පිරිසට දිනකට රුපියල් 500/-කක දීමනාවක් ගෙවනු ලබන අතර, ඔවුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ගන්නා බව වාර්තාවී ඇති බව එහි ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා පැවසීය.