2017 වසරේදී පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් රුපියල් මිලියන 18,480 ක් හෙවත් කෝටි 1,848 ක ආදායම් ලැබු බව බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියිදීන් මහතා සිය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී ශ්‍රි ලංකා පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක් සිදු වූ බවත්, එ අනුව ඒ සඳහා හොඳ අපනයන වෙළෙඳපොළක් ඇති වූ බවත් හෙතෙම පැවසීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.
“අපේ සම්භාණ්ඩ හා පාවහන් කර්මාන්තය පුළුල් කිරීම සඳහා මගේ අමාත්‍යාංශයේත්, ආයතනවලත් පූර්ණ සහයෝගය ලබා දුන්නා. ඒ වගේම අපි විදේශ වෙළෙඳපොළ තව තවත් පුළුල් කිරීමටත්, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් කටයුතු කරනු ලැබුවා. අප රටේ පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තය තුළ සෘජු හා වක්‍ර වශයෙන් ලක්ෂ 03 කට ආසන්න පිරිසක් රැකියාවල නිරත වෙනවා. මෙම කර්මාන්තයේ සමස්ත නිෂ්පාදනවල වටිනාකම රුපියල් බිලියන 60 ක් හෙවත් කෝටි 6000 ක් පමණ වෙනවා. එයින් සියයට 75 ක්ම ලබා දෙන්නේ අපේ දේශීය නිෂ්පාදකයායි. එම නිසා අප අපගේ ආයතන වෙළඳපොළ තව තවත් පුළුල් කිරීමටත්, දේශීය පාවහන් නිෂ්පාදනවල ප්‍රමිතිය ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමටත් පියවර ගත යුතු වෙනවා. ඒ සඳහා දේශීය පාවහන් නිෂ්පාදකයාගේ සහායද අවශ්‍ය වෙනවා “
Read 21 times