FAST NEWS

24×7 Around the Globe

මුහුණු පොතේ ඡන්දය දැමු 04 ක් අත්අඩංගුවට..

තැපැල් ජන්දය සලකුණු කළ ආකාරය ජංගම දුරකතනයෙන් ජායාරුප සහ වීඩියෝගතකර මුහුණු පොතට දැමු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමේදී මේ ආකාරයට නිතීවිරෝධී ලෙස කටයුතු කර ඇත්තේ කොළඹ ,මොනරාගල,රත්නපුර සහ වවුනියාව ප්‍රදේශයේ තැපැල් ජන්ද මධ්‍යස්ථාන හතරකදී බව දේශප්‍රිය මහතා කියයි.

අත්අඩංගුවට පත් පුද්ගලයන් මැතිවරණ නීතියට පටහැනිව අනියම් අන්දමින් කරන ලද බලපෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නීති ප්‍රතිපාදන යටතේ සහ පොලිසිය මගින් පරීක්ෂණ කරන බව ඒ මහතා පැවසීය.