FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීල හිටපු ජනපති ලුලා වරදකරු වෙයි..

2003 වසරේ සිට 2011 වසර දක්වා බ්‍රසීලයේ පාලකයා ලෙස කටයුතු හිටපු ජනාධිපති ලුලාද සිල්වා දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු බවට එරට අභියාචනාධීකරණයක් තීන්දු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මහා පරිමාණ දූෂණ චෝදනාවලට සම්බන්ධ ඉදිකිරීම් සමාගමකින් මහල් නිවාස සංකීර්ණයක් අල්ලස් ලෙස ලබා ගැනීම මගින් හිටපු ජනාධිපතිවරයා නීතිය කඩ කර ඇති බව ඔප්පු වී ඇති බව විනිසුරුවරුන් ප්‍රකාශ කර තිබේ.

එ අනුව ඔහුට වසර 12 ක සිර දඩුවම් නියම වි ඇති බවද එම වාර්තා වැඩි දුරටත් පවසයි.

DE සිල්වා