FAST NEWS

24×7 Around the Globe

මාලි හා මැතිව්ස් ඇතුළුව අයි.පී.එල් වෙන්දෙසියට ශ්‍රී ලංකා අවසන් ලැයිස්තුව මෙන්න..

2018 ඉන්දීය ප්‍රිමීයර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා වු ක්‍රීඩක වෙන්දේසිය ලබන ජනවාරි 27 සහ 28 යන දෙදින තුළ බැංගලෝර් නුවරදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1172ක් නිර්දේශ කර තිබු අතර එම ක්‍රීඩකයින් අතරින් වෙන්දේසියට තෝරාගත් ක්‍රීඩකයින් 578 ක අවසන් ලැයිස්තුව මේ වනවිට නිකුත් කර තිබේ.

මේ අනුව ක්‍රීඩකයින් 18 දෙනකු පමණක් ශ්‍රී ලංකාවෙන් මෙවර IPL වෙන්දේසියේ අවසන් ලැයිස්තුව සඳහා නම් කර තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්ට ඉන්දීය රුපියල් කෝටි 4.4ක මුලික ලංසුව ඉදිරිපත් කර ඇති අතර ලසිත් මාලිංගට ඉන්දීය රුපියල් කෝටි 2.24ක මුලික ලංසුවක් ඉදිරිපත් කර තිබේ.

අනෙකුත් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින්ට ඉදිරිපත් කර අති මුලික ලංසුව වන්නේ ඉන්දීය රුපියල් කෝටි 1.12 කමුදලකි

වෙන්දේසියට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩක ලැයිස්තුව පහතින්..

1. ඇන්ජලෝ මැතිව්ස්
2. ලසිත් මාලිංග
3. නිරෝෂන් දික්වැල්ල
4. කුසල් පෙරේරා
5. අකිල ධනංජය
6. ලක්ෂාන් සඳකැන්
7. සචිත්‍ර සේනානායක
8. උපුල් තරංග
9. අසේල ගුණරත්න
10. තිසර පෙරේරා
11. දිල්ෂාන් මුණවීර
12. සික්කුගේ ප්‍රසන්න
13. දසුන් ශානක
14. දුෂ්මන්ත චමිර
15. නුවන් කුලසේකර
16. සුරංග ලක්මාල්
17. ධනංජය ද සිල්වා
18. ඉසුරු උදාන