FAST NEWS

24×7 Around the Globe

කන්ද උඩරට බයිලා රජු මනෝහරන් මහතා අභාවප්‍රාප්ත වෙයි..

බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ උපන් එ.ඊ මනෝහරන් මහතා 1975 වසරේ  ශ්‍රී ලංකාවේ ගායන ක්ෂේත්‍රයට පිවිසියේය. එවකට ප්‍රසංග වේදිකාවේ කන්ද උඩරට බයිලා රජු යනුවෙන්ද මනෝහරන් මහතා හැදින්විය.

සුරාගංනි සුරාංගනි සුරාංගනිට මාලු ගෙනාව යන ගීතයෙන් ජනප්‍රියත්වයට පත් මනෝහරන් මහතා එදා මෙදා තුළ සිංහල දමිළ සහ හින්දු භාෂාවෙන් ගීත රැසක් ගායනා කර ඇත.

මනෝහරන් මහතා පසුව දකුණු ඉන්දියාවේ සිවාජි ගනේෂන් කමලාහසන් රජිනිකාන්ත් ඇතුළු නළු නිලියන් රැසක් සමග චිත්‍රපට ගණනාවකම රංගනයට දායක වී ඇති අතර ඉන්දියාවේ රසිකයන් අතරද මනෝහරන් මහතා ගායකයෙකු හා නළුවෙකු වශයෙන් ඉමහත් ජනාදරයට පත්ව සිටි අයෙකි.

ඒ.ඊ මනෝහරන් මහතා අභවප්‍රාප්ත වන විට හැත්තෑතුන්වන වියෙහි පසුවු අතර ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි. අවසන් කටයුතු හෙට (24) ඉන්දියාවේ චෙන්නායි නගරයේදි සිදුකරන බව පවුලේ ඥාතින් දැනුම් දෙයි.