නවසීලන්තයේ පැවැත්වෙන 2018 – වයස අවුරුදු 19 න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති කෙන්යා කණ්ඩායම සමග තරගය ලකුණූ 311 ක දැවැන්ත ලකුණු ප්‍රමාණයකින් ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත් විය.
කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 04 ක් පමණක් දැවී ලකුණු 419 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෙන්යා කණ්ඩායම පන්දුවාර 35 යි පන්දු 03 ක් තුළ ලකුණූ 108 කට දවා ගැනිමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුහ.
මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩාම වෙනුවෙන් හසිත බෝයගොඩ පන්දු 152 කදී වාර්තාගත ලකුණූ 191 ක් ලබා ගැනීමට සමත් වුහ.
ශ්‍රී ලංකා කණ්ඩාම අද රැස් කළ ලකුණූ 419 වයස අවුරුදු 19 පහළ කණ්ඩායමක් රැස් කළ සිව්වන වැඩිම ලකුණූ සංඛ්‍යාව වීමද සුවිශේෂ කරුණකි.
කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු සටහන අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකිව තිබේ.
ලකුණූ පුවරුව – ප්‍රසාද ලකුණු සටහන












