FAST NEWS

24×7 Around the Globe

ලන්ච්ෂීට් සහ ෂොපින් බෑග් මීළ පහළට..

දැනට වැඩි මිලක් යටතේ අළෙවි කෙරෙන නියමිත ප්‍රමීතීන් වලට අනුව සැකැසුණු ලන්ච්ෂීට් සහ ෂොපින් බෑග් මීල ඉදිරි දෙසතිය තුළ හැකිතාක් පහළ හෙළීමට කටයුතු කරන බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීයකරන්නන්ගේ සංගමය පවසයි.

එම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමු දව්‍ය කන්ටේනර් 40 කට අධික ප්‍රමාණයක් මේ සතිය තුළ දී කොළඹ වරායට පැමිණීම මත ඒවායේ නිෂ්පාදන පිරිවැය බොහෝදුරට අඩුවිය හැකි බව එම සංගමය පෙන්වා දෙයි.

පසුගිය කාලයේ වෙළඳපොළට නිකුත් කර තිබෙන ලන්ච්ෂීට් එකක මිල රුපියල් 2.50 දක්වාත් ෂොපින් බෑග් එකක මිල රුපියල් 2.30 දක්වාත් ඉහළ දැමීමට සිදුව ඇත්තේ අමුදව්‍ය ආනයනය කිරීමේ පමාවක් නිසා බව පැවසූ ඔහු එම සුළු මිල වැඩිවීම ආහාර දව්‍යවල මිල ඉහළ දැමීමට හේතුවක් කර ගැනීම කෙසේවත් සාධාරණ නොවන බවත් ඉදිරි සතිය තුළ එම මිල ඉහළ දැමීම නතරකිරීමට සිදුවන බවත් එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

DE සිල්වා