ගෝලීයකරණය වේගවත් වීමේ ප්රවණතාවත් සමගම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායක අංශය, වර්ධනය හා සංවර්ධනය සඳහා නියමු බලවේගයක් බවට පත්ව ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
පසුගියදා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති “කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්වය සඳහා පරිසර හිතකාමී බලගැන්වීමේ ඉදිරිමග පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම” පිළිබඳ වැඩමුළුවේ දී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් හෙතෙම මෙ බව පැවසීය.
GIZ ජර්මානු තාක්ෂණ සහයෝගීතා ආයතනයේ හා අර්නස්ට් ඇන්ඩ් යංග් ආයතනයේ සහභාගීත්වයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA) මගින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.
DE සිල්වා







