FAST NEWS

24×7 Around the Globe

සිම්මබාබ්වේ කණ්ඩායමට ලකුණු 12 ක තියුණු ජයක්..

බංග්ලාදේශ තුන්කොන් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකාව කණ්ඩායම සමඟ පැවති එක්දින තරගයෙන් ලකුණු 12 ක ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 290 ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 278ක් පමණි.

ශ්‍රී  ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපි පෙනෙන කාර්යයක් ඉටු කල තිසර පෙරේරා නොදැවී ලකුණු 64 ක් ලබාගත් අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 80 ක් ලබා සිටියදී දැවී ගියේය.