FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාව පලස්තීනය ලබාදෙන අරමුදල් අත්හිටුවයි..

එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා පලස්තීනයට ලබාදෙන ඩොලර් මිලියන 65ක අරමුදල් අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එ මඟින් දහස් ගණන් ජනතාව පීඩාවට පත්වන බවයි ජගත් සංවිධානයේ සහන සහ සේවා ඒජන්සිය සඳහන් කර ඇති බවත් එම වාර්තා කියයි.

පලස්තීනය, ඊශ්‍රායලය සමඟ සාකච්ඡාවලට එකඟතාව පළ නොකළහොත් ආධාර කපා හරින බවට ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මින් පෙර අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණී..

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සීයයට තිහක අරමුදලක් ඇමෙරිකාව ලබාදෙන බව සඳහන් වන බවත් ,පසුගිය වසරේ ඔවුන් එක්සත් ජාතීන්ගේ සහන සේවා ඒජන්සියට ඇමෙරිකා ඩොලර් මිලියන 370 ක ආධාර ලබාදී තිබු බව එම වාර්තා වැඩි දුරටත් පවසයි.

DE සිල්වා