FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන ත‍්‍රස්ත නායකය මලික් මියයයි.

පාකිස්තානයේ තහනම් සන්නද්ධ කණ්ඩායමක් වන ලෂ්කාර් ඊ ජාන්ග්වි සංවිධානයේ නායක මලික් ඉෂාක් වෙඩි ප‍්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

පාකිස්තාන පොලිසිය ප‍්‍රකාශ කර ඇත්තේ පොලිස් නිලධාරීන් සහ ලෂ්කාර් ඊ ජාන්ග්වි සාමාජික පිරිසක් අතර ඇතිවු වෙඩි හුවමාරුවක දී ඔහු මියගොස් ඇති බවයි.

මෙම ත‍්‍රස්තනායකයාගේ පුතුන් දෙදෙනා ද මෙම වෙඩි හුවමාරුව පැවති ස්ථානයේ සිට ඇති බව පකිස්තාන මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඉකුත් සතියේදී මලික් ඉෂාක් පාකිස්තාන පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණු අතර එම අවස්ථාවේදි ඔහුගේ ආධාරකරුවන් විසින් සිදුකරන ලද වෙඩි තැබීමක් අතරතුර ඉෂාක් පලාගිය බවද පාකිස්තාන මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.