FAST NEWS

24×7 Around the Globe

තමා ජාතිවාදීයෙකු නොවන බව ට්‍රම්ප් කියයි..

තමා ජාතිවාදියෙකු නොවන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

පසුගියදා ඕවල් කාර්යාලයේදී පැවති සාකච්ඡාවක් අතරතුර අප්‍රිකානු ජාතීන් විස්තර කිරීමට තමා ‘shithole’ යන වචනය භාවිතාකළැයි නැගුනු චෝදනා සමගින් හෙතෙම මෙ බව පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙය ට්‍රම්ප් විසින් ජාතිවාදී චෝදනාවලට ඍජුවම ප්‍රතිචාර දැක්වූ පළමු අවස්ථාව බවත් එම වාර්තා වැඩි දුරටත් පවසයි.

De සිල්වා