කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ විකිණිමට තිබූ තහනම ඉවත් කරමින් මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා නිකුත්කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරන්නැයි භික්ෂුන් වහන්සේලා කිහිප නමක් හා ශ්‍රීලනිපයේ ප්‍රධානින් කිහිප දෙනෙකු විසින් කර ඇති ඉල්ලීම් සලකා බලා ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය තුලදී මහජන රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.









