FAST NEWS

24×7 Around the Globe

ඩේවිඩ් කැමරන් ඕකිඩ් මලක් වේ .

සිංගප්පූරුවේ ජාතික උද්‍යාන මණ්ඩලය විසින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ නමින් ඕකිඩ් මලක් නම් කර ඇති බව වාර්තා වේ.

ලෙස නම් කර ඇති මෙම දෙමුහුන් ශාකයේ එක් කිනිත්තකට මල් 10ක් පමණ දරාගැනීමේ හැකියාව පවතින බවද පැවසේ.

ඩේවිඩ් කැමරන්ගේ සිව් දින ආසියානු සංචාරයේ දෙවනි දිනයේදී ඔහුට ගෞරව දැක්වීමක් ලෙස මෙම මලට ඔහුගේ නම යේදීමට ඔවුන් පියවර ගෙන තිබේ.

ඕකිඩ් සංගප්පූරුවේ ජාතික පුෂ්පය වන අතර එරට රාජ්‍යතාන්ත්‍රික පියවරක් ලෙස මෙලෙස විශේෂ ඕකිඩ් මල් වර්ග නිර්මාණය කරමින් ඒවා එරටට පැමිණෙන ජාත්‍යන්තර නායකයින්ගේ නමින් නම් කරයි.

මීට පෙර අවස්ථාවකදී බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කෙට් කුමරිය වෙනුවෙන් එලෙස ඕකිඩ් මලක් නම් කළ අතර ඩයනා කුමරිය, නෙල්සන් මැන්ඩලා, එල්ටන් ජෝන් සහ සෙරීනා විලියම්ස් වැනි තවත් ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් වෙනුවෙන්ද ඕකිඩ් මල් නම් කර තිබේ.