FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ මන්ත්‍රීන් 05 ක් ශ්‍රීලනිපයෙන් එළියට දායි – කෙහෙළිය

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පස්දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

මෙලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සූදානම් වනුයේ ඒකාබද්ධ විපක්ෂය තුළ ක්‍රියාකාරීව කටයුතු කරන මන්ත්‍රිවරුන් පස්දෙනකුගේ බවත් එසේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම මඟින් අනෙකුත් මන්ත්‍රිවරුන්ගේද පක්ෂ සාමාජිකත්වය අහිමි වන බවට පණිවුඩයක් ලබාදීම ශ්‍රී ලනිපයේ අපේක්ෂාව බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන මන්ත්‍රිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වන හෙයින් පොහොට්ටුවට ඡන්දය දීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බවට අදහසක් ජනතාව තුළ ඇති කිරීම මෙහි යටි අරමුණ බවද ඔහු පැවැසුවේය.්