FAST NEWS

24×7 Around the Globe

අඩුමිළට වෙඩින් ඇල්බම් හදන්න සිතාගෙන මේ දේ නම් කරන්න එපා..

ලංකාවේ මේදිනවල අඩුමිළට වෙඩින් ඇල්බම් හදන සින්තටික් මුද්‍රණ කඩදාසිය නිසා ඇතිවෙන සහ අනාගතයෙදී ඇතිවෙන්න පුළුවන් අවධානමක් පිළිබදව වාර්තා විය.

ඡායාරූප ශිල්පීන් මැගසින් ඇල්බම් කිරීමට භාවිතා කරන මේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන සින්තටික් මුද්‍රණ කඩදාසියේ ශරීරයට අහිතකර රසායනික සංඝටක රාශියක් අඩංගු වන බව මේ වෙනවිට තහවරු වී තිබේ.

මේ කෘතිම කඩදාසිය ඉරීමට නොහැකි වනවා සේම දිරන්නේද නැත.

වතුර දැම්මත් පෙගෙන්නෙ නැති මේ කඩදාසිය සාදා ඇත්තේ Polyethylene terephthalate (PET)යන මූලද්‍රව්‍යයයෙනි.

පිළිකාකාරකයක් වන මෙම මූලද්‍රව්‍යය හේතුවෙන් ශරීරයේ අන්තෝසර්ග අවයවයන්ට බලපෑම් සිදුවන බව Environmental Health Perspectives සඟරාවේ පළවූ පර්යේෂණ වාර්තාවක සඳහන් වී ඇත.

මේ සින්තටික් කඩදාසිය පිළිබඳව ලංකාවේ ජාතික ප්‍රමිති සහ තාක්‌ෂණ ආයතනය සිදු කළ පරීක්ෂණයකින් හෙළිවී තිබෙන්නේ සින්තටික් කඩදාසියේ ඇති අමුද්‍රව්‍ය ඇස්‌වල මෙන්ම සමෙහි තැවරීම ඉතා උපද්‍රවකාරී බවයි.

මේ කෘතීම කඩදාසියේ ඇතුලත් ඇතැම් සංයෝගයන් අධිග්‍රහණය ඉතාම උපද්‍රවකාරී වන බව වගේම පෙනහළුවලට, ස්‌නායු පද්ධතියට හා ශ්ලේෂ්මල පටලවලටද විෂ සහිත බවත් එම පරීක්ෂණයෙන් හෙළිවී තිබේ.