FAST NEWS

24×7 Around the Globe

මං දේශපාලන හිගන්නෙක් කියල හිතනවද.. මිලියන අටක් කියන්නෙ මොකක්ද..

‘මං දේශපාලන හිගන්නෙක් කියල හිතනවද.. ඔය කතා කරන්නේ මිලියන අටක් ගැන. මිලියන අටක් කියන්නෙ මොකක්ද. කෝටි 30-40-50 තියෙන කොම්පැනියකට ඔය මොකක්ද. ඒ වගේ එකක් අපේ ප‍්‍රධාන නිලධාරියට රෙන්ට් එකට ගන්න බැරිද. මොකක්ද මේ විහිළුව’ යයි හිටපු ඇමති රවි කරුණානායක මහතා පවසයි.

බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන මාධ්‍යවේදීන් විසින් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම අදහස් පල කලේය.

අර්ජුන් අලෝසියස් විසින් දුන්නා යයි කියන නිවස තම දියණිය විසින් කුලියට ගත් එකක් බවත් එහි කිසි වරදක් නැති බවත් ඔහු කියා සිටී.

එක්සත් ජාතික පක්‍ෂයේ 100%ක් ඉන්නේ තමන් සමග යයිද සදහන් කරන ඔහු ,
තමන් යටතේ මහ බැංකුව නොතිබූ බවත් එය අයත් වූයේ කාටදැයි සියළු දෙනා දන්නා බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.