FAST NEWS

24×7 Around the Globe

ඔප්රා වින්ෆ්‍රේ ඇමෙරිකාවේ මීළග ජනපතිවරණයට..?

පසුගියදා පැවැත්වූ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල මෙහෙය වූ සෙත් මයර්ස්, සුප්‍රකට නිවේදිකා හා නිළි ඔප්රා වින්ෆ්‍රේ ගැන ඉගිකරමින් පවසා සිටියේ සිටියේ ඇමෙරිකාවේ 2020 වසරේ පැවැත්වෙන ජනපතිවරණයට අපේක්ෂිකාවක ලෙස ඇය ඉදිරිපත්වීමට ඉඩ ඇති බවය.

වේදිකාවට නැගූ ඔප්රාද පවසා සිටියේ එය සනාථ වන ආකාරයේ වන කරුණු බව පැවසෙන අතර මේවන විට මෙය රට පුරා පැතිරෙමින් පවතින බවද සදහන්ය.

දිගුකලක් රූපවාහිනී නිවේදිකාවක ලෙස ඔප්රා වින්ෆ්‍රේ ෂෝ නමින් තම වැඩසටහනක් ගෙන ගිය ඇය නිළියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවකද වූ අතර මේ වන විට රූපවාහිනී නාලිකා සේවයක හිමිකාරිය ලෙස කටයුතු කරයි.

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී ඇය කළ කතාව අසා සිටි බහුතරයකගේ අදහස වී ඇත්තේ එය ජනපති අපේක්ෂිකාවකගේ කතාවකට සමාන බවය.