FAST NEWS

24×7 Around the Globe

රාජපක්ෂවරු හොරු නෙමෙයි.. නාම යෝජනා නොදුන්නට මගේ හබයක් නෑ..

රාජපක්ෂවරු හොරු නොවන බවත්, ඔවුන් තිබෙන දේ විකුණා දේශපාලනය කළ බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කොළඹදී ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් හෙතෙම මෙසේ අදහස් පළකලේය..

“පසුගිය රජය කාලේ ලබාගත් ආධාර හෝ ණය පේන්න යමක් වුණා. මොරගහකන්ද පටන් ගත්තේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති වෙලා සිටින කාලයේදී. දැන් ජනපතිතුමා මහවැලි ඇමති වෙලා ඉන්න කාලයේයි. මම එකක් කියන්න ඕන. මම රැහුණේ කෙනෙක්. රාජපක්ෂවරු හොරු නෙමෙයි.

තියෙන දේ විකුණලා තමයි ඔවුන් දේශපාලනය කළේ. මට ඡන්දේ ඉල්ලන්න වුණෙත් නෑ. ඒක චන්ද්‍රිකා නෝනගේ වැඩක්. එයාලා වෙනත් ජාතීන් එක්කලව් කරන කොට ඒ ජාතීන්ට රටත් දෙන්න තමයි හදන්නේ. නාම යෝජනා නොදුන්නට රාජපක්ෂලා එක්ක මගේ හබයක් නෑ. මේ රටේ අත්දෙක පද්දලා යන්නේ එන්නේ එතුමාට පින්සිද්ධ වෙන්න අපිත් ඒ රජයේ හිටියා. අපිටත් ඒක පිනක්.” යැයි පැවසීය.