FAST NEWS

24×7 Around the Globe

බණ්ඩාරනායක මහතාගේ 119 වන ජන්ම දිනය සැමරෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා මෙන්ම හිටපු අග්‍රමාත්‍යවරයෙකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 119 වන ජන්ම දින සැමරුම් උත්සවය ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව ඉදිරිපිටදී අද (08) උදෑසන පැවැත්වුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සැමරුම් උත්සවයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී වී සිටින ලදි.