FAST NEWS

24×7 Around the Globe

ශ්‍රියන්ත මෙන්ඩිස් හා කුසුම් රේණුගේ දියණිය විවාහ දිවියට..

ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් හා ප්‍රවීණ නිළි කුසුම් රේණුගේ ආදරණිය තරුකි අමායා මෙන්ඩිස් දියණියගේ විවාහ උත්සවය ඊයේ(04) සුපිරි හෝටලයකදී පැවැති බව වාර්තා විය.

ඇයගේ අතිනත ගත්තේ ෂෙහාන් පෙරේරා වන අතර ඒ අවස්ථාවට කලාකරුවන් රැසක් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී තිබේ.

මනමාලයා ව්‍යාපාරිකයෙක් බවත් එදිනම යෙදී තිබූ ෂෙහාන් පෙරේරාගේ උපන්දිනයට පියා ඔහුට උපන් දින තෑග්ග ලෙස බෙන්ස් මෝටර් රථයක් තිළිණ කරමින් සියල්ලෝම පුදුමයට පත් කළ බවත් සදහන්ය.

ඇයව හැඩගන්වා ඇත්තේ ශ්‍රියන්තගේ වැඩිමහල් දියණිය නිපුණිකාගේ ඇදුම් නිර්මාණයකින් වන බවත් ඡායාරූප එඩිටින් ටේබල් විසින් ගෙන තිබෙන බවත් ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධන විසින් නර්තන අංගයන්ගෙන් උත්සවය වර්ණවත් කර තිබෙන බවත් වාර්තා වෙයි.