FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාව පාකිස්තානයට සපයන යුද ආධාර අත්හිටුවීමට තීරණය කරයි..

ඇමෙරිකාව පාකිස්තානයට සපයන යුද ආධාර අත්හිටුවීමට තීරණයකර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.

ඇමෙරිකාව පවසන්නේ ඔවුන් ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීමට අපොහොසත්වීම ඊට හේතුව බවයි.

ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ හකානි සහ තලේබාන් ත්‍රස්ත සංවිධාන මර්දනය කිරීමට පාකිස්තානය නිසි පියවර ගන්නා තුරු ආධාර කපාහරින බවයි.

කෙසේ වෙතත් කොපමණ ආධාර ප්‍රමාණයක් කපාහරිනවා ද යන්න හෙලිවී නොමැත.

 

C.Rodrigo