ඇමරිකානු ජනපතිවරයා සහ එම ආර්යාව ධවල මන්දිරයේ ගතකරන ජීවිතය ඇසුරෙන්, මයිකල් වොල්ෆ් විසින් රචිත ෆයර් ඇන්ඩ් ෆියුරි – ඉන්සයිඩ් ට්‍රම්ප් වයිට් හවුස් කෘතියේ අඩංගු තොරතුරු මනඃකල්පිත බවට ධවල මන්දිරය නිවේදනය කරයි.
මෙලානියා ට්‍රම්ප් තම සැමියාගේ ජනපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සතුටු නොවූ අතර ඒ හේතුවෙන් ඇය මුල් මාස කිහිපය තුළ ධවල මන්දිරයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බව අදාළ කෘතියේ සඳහන්ය.
මීට අමතරව එහි තවදුරටත් දැක්වෙන බව සදහන් වන්නේ ඇමරිකාවේ හිටපු ජනපතිවරයෙකු වන ජෝන් කෙනඩි සහ එම ආර්යාවගෙන් පසුව ධවල මන්දිරයේ කාමර දෙකක් භාවිත කරන ජනාධිපති යුවල අතරට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියාද අයත්වන බවයි.









