ඉදිරි සතියේදී තම රට සමඟ ඉහළ පෙලේ සාකච්ඡාවකට උතුරු කොරියාව එකඟ වූ බව දකුණු කොරියානු බලධාරින් ප්‍රකාශ කර ඇති බව විදෙස්වාර්තා පවසයි.
දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියානු ක්‍රීඩකයන් සහභාගි කරවීම පිළිබඳව ජනවාරි 9 වනදා මෙම සාකච්ඡා පැවැත්වෙන බව සදහන්ය.
සාකච්ඡාව උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර, දැඩි රැකවල් සහිත දේශසීමාවේ පිහිටි පැන්මුන්ජොම් නුවරදී පැවැත්වෙනු ඇති.
C.Rodrigo









