FAST NEWS

24×7 Around the Globe

විභාගයට පෙර දරුවකු ප්‍රසූත කරලා..

සෞදි අරාබියේ නිවසක අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවක ඉංග්‍රීසි විභාගයට පෙනි සිටින අවස්ථාවේ දරුවකු ප්‍රසූත කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

විභාගය ආරම්භ වීමට ආසන්න අවස්ථාවේදි ශිෂ්‍යයාව මහත් වේදනාවකින් කෑගසන්නට පටන් ගෙන ඇති අතර විභාග ශාලාවේ සිටි අනිකුත් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් මහත් භීතියකට පත් වී ඇති බව වාර්තා වේ.

විභාග ශාලාවේ සිටි නිලධාරිනියන් දෙදෙනෙක් ශිෂ්‍යාවට දරු ප්‍රසූතියට සහය වී ඇති අතර පසුව ගිලන්රථයක් කැඳවා ශිෂ්‍යයාව සහ දරුවා රෝහල් ගත කිරීමට විභාග ශාලාධිපතිවරයා කටයුතු කර ඇත.

දරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර හදිසි අවස්ථාවේදි තමන්ට පිහිට වු සියළු දෙනාට සිය කෘතඥතාවය පළකරන බව ශිෂ්‍යායාව රෝහලේදි ප්‍රකාශ කර ඇත.