FAST NEWS

24×7 Around the Globe

ටජ්මහල නරඹන්නන්ට පණිවිඩයක්.. කියවගෙනම යන්න..

බොහෝ දෙනාගේ සංචාරක ආකර්ෂණයට ලක් වූ ටජ්මහල නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සීමා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.

ඒ අනුව දේශීය සංචාරකයින් 40,000 ට දෛනිකව ටජ්මහල නැරඹීම සඳහා අවස්ථාව උදාවන අතර එක් ටිකට්පතක වලංගු කාලය පැය තුනකට සීමා කර තිබේ.

හින්දුස්තාන් ටයිම්ස් විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව දිනකට 60,000-70,000 අතර පිරිසක් ටජ්මහල නැරඹීමට පැමිණෙන බව සොයාගෙන තිබේ.

කෙසේ නමුත් මෙම තීරණය නිසා ටජ්මහල මගින් උපයන ආදායමට අහිතකර බලපෑමක් එල්ල වන බවද සඳහන්ය.