FAST NEWS

24×7 Around the Globe

හැටන් කොටියා අල්ලන්න මෙහෙයුම් සිදුවෙන හැටී..

හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ ලඳුකැලෑවක සැරිසරන කොටියා අල්ලාගැනීමට වනජීවී නිලධාරීන් විසින් ඊයේ(03) විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

පෙරේදා(02) දහවල් එම වතුයායේ වතුනිවාස පෙළකට ආසන්නයේ තිබූ ලඳු කැලෑවක සිටි මෙම කොටියා කාන්තාවකට හා තවත් වතුකම්කරුවන් සිවු දෙනෙකුටද පහර දී තුවාල සිදුකර තිබිණි.

පස්වරුවේ සිදුකළ මෙහෙයුමකදී එම කොටියා තවත් වතුකම්කරුවන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකර තිබිණි.

කෙසේ වෙතත් වතු කම්කරුවන් මෙම දිවියා අල්ලාගන්නා තෙක් වැඩවර්ජනයක නියැළී සිටින අතර, එම කොටියා අල්ලාගැනීමට වනජීවී නිලධාරීන්ටද ඔවුන්ගේ සහයෝගය ලබා දී තිබිණි.

මෙම කොටියා අල්ලාගැනීම සඳහා කොළඹ වනජීවී නිලධාරීන් පිරිසක් විශේෂ කුඩුවක්ද රැගෙන එම ස්ථානයට ළඟා වීමට නියමිතය.

මෙම කොටියන් ලංකාවට ආවේණික වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතෙකු බවත්, මෙවැනි කොටින් කිහිපදෙනෙකු පසුගිය වසරේ මරඋගුල් හා වස මිශ්‍ර මස් වර්ග භාවිතයෙන් ඝාතනය කර තිබූ බවත් වනජීවී නිලධාරීහු කියා සිටියහ.

Image result for හැටන් කොටියා

Image result for හැටන් කොටියා

Image result for හැටන් කොටියා

Image result for හැටන් කොටියා

Image result for හැටන් කොටියා